සිව් හෙළය

|


 
නාග
 
මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්
තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.

ලක්දිව විසූ මනුෂ්‍ය කොට්ඨාසයකි. ඔවුහු රාජ්‍ය පාලනය කළහ. ලක්දිව සිටි චූලෝදර, මහෝදර එවැනි නා රජවරු ය. මෙම නාග ගෝත්‍රිකයෝ කොටස් දෙකක් වූහ. 1. 
සමුද්‍ර වාසී මොවුහු ධීවර කර්මාන්තය සහ වෙළඳාම කළහ. ඔවුන්ට නාවික යාත්‍රා තිබිණි. අගනා වෙළෙඳ භාණ්ඩය මැණික් ය. 2. ගොඩබිම් වාසි මෙම කොටස කෘෂි කර්මාන්තය සහ සත්ව පාලනයෙහි නියුක්ත විය
 
දේව
අද පහත් කුලයක් යැයි සැලකෙන 
අපේ සබෑ ඉතිහාසයයේ 
පාලකයෝ... 

අපි අපේ සබෑ ඉතිහාසය සොයා යාමේ ගමනෙදි පසුගිය ලිපියෙන් කතා කලේ අපේම රටේ මිනිසුන් විසින්ම අපාහස උපහාසයට ලක් කල අපේ ශ්‍රේෂ්ඨ රජ කෙ
නෙක් ගැනනේ. අපේ හෙළ යුගයේදී පාලක පන්තිය වෙලා සිටි තවත් කොඨ්ඨාශයක් අද වන විට පහත් කුලයක යැයි සලකනවා කියලා අපේ ගවේෂණයේදී දැන ගන්න ලැබුණා. අද අපි ගෙන එන්නේ එදා අපේ පාලක පන්තියව සිටි දේවයන් හේවත් දේවවංශය ගැනයි.

අපි කලින් ලිපි වල සදහන් කරපු පරදී ලංකාවේ පළමුවන රජු වුනේ මහා සම්මත මනු රජතුමානේ. ගොවි තරුණයෙක්ව ඉද සියළු දෙනාගේ කැමත්ත මත මනු තරුණ
යා මහා සම්මත මනු විදියට සියළු දෙනාගේම කැමත්තෙන් ඒ කියන්නේ මහා සම්මතයෙන් හෙළ අසුර අධිරාජ්‍යෙය් පළමු රජු විදියට රජවෙනවා. මහා සම්මත මනු රජුගේ සිට හිරණ්‍ය කාශ්‍යප හේවත් මහා මන්දාතු රජු දක්වාම මේ හෙළ අසුර අධිරාජ්‍යෙය් රජවරු පත් වුනේ සියළු දොනගේම කැමත්තෙන්, මහා සම්මතයෙන්. රටේ ජනතාව තීරණය කරලා සුදුසු කම් සම්පුරණ කර තිබු හොදම පුද්ගයා රටේ රජු විදයට පත් කලා. නමුත් එහෙම වුනේ හිරණ්‍ය කාශ්‍යප රජුසමය දක්වා පමණයි. හිරණ්‍ය කාශ්‍යප රජු විශ්ණුගේ නරසිංහ අවතාරය විසින් මරා දැමීම මෙයට හේතුවක් වුණා.

හිරණ්‍ය කාශ්‍යප රජුගේ අවසානය කියැවෙන වෘතාන්තය දෙස බැලුවොත් එතැනදී නරසිංහ විසින් රජු මරා දැමීමට හේතුවක් විදියට රජුගේ නොඉවසීම හා ඒ අවස්ථාවේදී අවේග ශිලීව හැසීරීම හේතුවුණ බවක් පැහැදිලිවම පේනවානේ. ඒ නිසා හෙළ අසුර
 අධිරාජ්‍යහී ස්ථාවරත්වයට රජවරු පුහුණු කිරීමක් අවශ්‍ය වුණා. විවිධ සතුරු ආක්‍රමණ හා උපද්‍රව වලින් ගැලවීමටත් රටේ ප්‍රශ්න වලිදී ඉවසීමෙන් කටයුතු කිරීමට රජවරු පුහුණු කීරීම අවශ්‍ය වුණා.


මෙම අවශ්‍ය තාව ඉටුකිරීම සදහා ඉදිරිපත් වුනේ බෘගුකච්ච නම් ස්ථානයේ සිටි බෘගු මහා ඍෂිවරයායි. මේය සිදුවුනේ හිරණ්‍ය කාශ්‍යප රජුගේ මරණයෙන් පසුවයි. හිරණ්‍ය කාශ්‍යප රජුට පසුව හිරණ්‍ය කාශ්‍යප රජුගේ පුත්‍ර ප්‍රලාද කුමරු රජ වී සිටි අතර ඔහුගේ සොයුරිය වූ ඌෂ්ණ කුමරිය විවාහ වී සිටියේ බෘගු මහා ඍෂිවරයා සමගයි. ( අපි කලිනුත් සදහන් කලා
නේ උත්තම දරුවන් ලබා ගැනීමට මෙලෙස සෘෂිවරුන් සමග විවාහ වු බව. ඍෂිවරුන් යනු ප්‍රඥා සම්පන්න පුද්ගලයන් බවට සැක නැත. විද්‍යාත්මකව බලන කල පියාගේ ජාන දරුවන්ට පැමිණිම සිදුවන්නකි.

ඒ නිසා රජවරු ප්‍රඥා සම්පන්න වීමට හේතුව විදියට එය සලකන්න පුළුවන්) මේ කාලයේ ලංකාව හා ඉන්දියාව රටවල් දෙකක් විදයට පැවතිලා නැහැ. ඒ වෙනුවට පොඩි පොඩි ප්‍රෙද්ශිය රාජ්‍යන් විදියට තමයි තිබිලා තියෙන්නෙ. නමුත් සංස්කෘතියෙන් ඒවා සියල්ල හෙළ අධිරාජ්‍ය විදයටයි තිබිලා තියෙන්නෙ. මහ බලිගෙන් පසු හෙළ 
සංස්කෘතියක වෙනස් වෙලා එය දේශපාලනික ස්වරූපයක් ගත් ආකාරය අපි පසුගිය ලිපි වලින් ඉදිරිපත් කලානේ. මෙහිදී හිතන්න පුළුවන් තව දෙයක් තමයි දඹදිව හා හෙළ දිව කියන්නෙ එකම තැනකට කියලා.

දඹ = උස් ස්ථානය = හෙළ ගත්තාම මේ කරුණ අපිට තහවුරු ක
රගන්න පුළුවන්.

බෘගු මහා ඍෂි විසින් ආරම්භ කරන ලද අධ්‍යාපන ක්‍රමයෙන් නායකත්ව පුහුණුව මෙන්ම උතුම් මිනිසෙක් කිරීමටද ඉවහල් විය. ඒ නිසා එය දේව අධ්‍යාපනය ලෙස හැදින්වෙලා තියෙනවා. දේව අධ්‍යාපන ක්‍රමයෙන් හෙළ අධිරාජයේ සිටි යක්, රකුස් හා නා
ග යන සෑම ජනකොඨඨාශයකම අයෙක්ටම දේවයෙක් වෙන්නට හැකි වුණ අතර මෙලෙස දේව අධ්‍යාපනය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව හෙළ සමාජයට තවත් ජන කොඨ්ඨාශයක් දේව නමින් එක් වුණ අතර දේව, නාග, රකුස් හා යක් යන ජනකොඨ්ඨාශ හතර නිසා හෙළ අධිරාජ්‍ය සිව් හෙළය යන නම අදටත් ශේෂව තියෙන අයුරු දැක ගන්න පුළුවන්. මේලෙස ජන කොඨ්ඨාශ හතරක් සිටියත් මුල් බිම හෙළ දිව නිසා හෙළයන් ලෙස හැදින් වුවා වගේම ජනකොඨාශ හතරේම පොදු නාමය අසුර වෙලා තියෙනවා.
මෙම දේව අධ්‍යාපන ක්‍රමය විෂයන් ගණනාවකින් සමන්විත වෙ
ලා තියෙනවා

1. යෝග
2. මන්ත්‍ර
3. තන්ත්‍ර
4. වෙදකම
5. අහස් ශාස්ත්‍ර
6. අවි නිපයුම
7. යුධ හරඹ
8. ධාන්‍ය භාවනා
9. ශාන්ති කර්ම හා පුජා
10. දර්ශනය
11. මොහනය

යන විෂයන් තමයි දේව අධ්‍යාපනයේ ප්‍රධාන විෂයන් වෙලා තියෙන්නෙ. මෙම දේව අධ්‍යාපනය ලැබූ අය සාමාන්‍ය වැසියන් වුණ අතර ඔවුන්ට ඉහලින් සිටිය ගුරු වරු මුණි වරු හා ඍෂිවරුන්ගෙන් යුක්ත වෙලා තියෙනවා. මේ ගුරු වරු බොහෝ විට සාමාන්‍ය ජ
න සමාජයෙන් ඈත් ව ආරණ්‍ය වල හෝ හීමාලයේ තමයි ඉදලා තියෙන්නෙ.
දේව අධ්‍යාපනයේ පරිපාලනයේ ප්‍රධානීයා සක්කර එහෙමත් නැත්තම් ශ්‍රක ලෙස හැදින්වෙලා තියෙනවා. ඒ නිසාම දේව අධ්‍යාපන ආරම්භ කරපු බෘගු මහා ඍෂිවරයා හැදින්වෙලා තියෙන්නෙ ශ්‍රකාචාරී ලෙසටයි. ලේඛන කලාව මේ යුගයේ නොතිබුණ බැවි
න් ශිෂ්‍යන් ගුරුවරයා සමග වාසය කිරීමෙන් ශිල්ප ඉගෙන ගන්නා ලදී. ගුරුවරුන් යටතේ යම් කිසි සිසුන් පිරිසක් හිටිය අතර ඔවුන් ගුරුවරයාගේ අසපුවේ හෝ තපෝවනයේම සිටි අතර ඔවුන් නඩත්තු කලේ ආසන්නයේ පිහිටි ගම්මානයෙනි. මේ විදියට ශිෂ්‍ය පරම්පරා බිහිවිමෙන් දේව අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යන ලදි.

ගුරුවරයාගේ ආශ්‍රෙයන් ඉවත් වු පසු තමන් එක තැන හිද නිශ්චල මනසින් යුක්තව ලෝකය අවබෝධ කරගත් අය ඍෂි වරුන් නැතහෝත් මුණි වරු
න් බවටද අනෙකුත් දේවයන් පාලකයන් වු බවද සදහන්වේ. අද තියෙන අධ්‍යාපනය ක්‍රමය සමග බැලීමේදී මෙම ක්‍රමය තේරුම් ගැනීමට අපහසු නමුත් මෙම ක්‍රමය ගුරුවරයා සමග සිටිමේදී නාය්‍යාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුමද ලබා ගැනීම නිසා එය භාවිතයේදී ඉගෙන ගත් දේ ප්‍රයෝජනවත් භාවිතය හා ඒ ඇසුරෙන් නව සොයා ගැනීම් දක්වා යාමේ ක්‍රමයක් බවට අනුමාන කල හැක. තමා සතු මනසෙන් උපරීම ප්‍රයෝජන ගැනීමට සකස් වූ අධ්‍යාපන ක්‍රමයක් ලෙස දේව අධ්‍යාපන ක්‍රමය හැදින්විය හැක.

දේව පාලනය තුල දී ගමේ පාලක ගම්පති මෙන්ම රටේ පාලක රජුද දේවයන් විය. දේව පාලනය තුල කුඩා ඒකක තුලින් විශාල භූගෝලිය ඒකක දක්වා පැතීරී යන පාලන ව්‍යහයක් විය. මෙම ක්‍රමය අද තියෙන පාලන ක්‍රමය සමග කිසිසේත් ගැලපිය නොහැක. 
අද පාලන ක්‍රමයේදී රටේ සියල්ලටම පොදු ව්‍යවස්ථාවක් යටතේ එය ක්‍රියාත්මක වන විධායක ක්‍රමයකට පාලනය වන්නකි.

දේව පාලනයේදී රජු ඒකාධි පතියෙක් මෙන් පෙනුනද රටේ පාලනය බෙදී ගිය බවක් දක්නට තිබේ. ගමේ පාලනය ගම් සභාවේ සිට දිසාව දක්වා පුළුල්ව පැ
තීරී ගිය මනා පාලන ව්‍යහයක් දේව පාලනය තුල තිබුණි.
දේව පාලනය විවිධ මට්ටමින් තිබූ බවට ලංකාවේ සෙල්ලිපි ඇසුරින් තහවුරු කරගත හැක. ඔවුන් පාලනය කලේ භූගෝලීය ප්‍රෙද්ශයට අනුව හෝ සමාජ ඒකකයේ ප්‍රමාණයට අනුවය. බුද්ධ ශාසන ලංකාවට පැමීණිමත් සමග භික්ෂුන් වහන්සේලාගේ බලය බෙදී යන ලද්දේ දේව පාලන ව්‍යුහයට අනුවයි. අදටත් දක්නට ලැබෙන නායක, මහා නායක, සං
ඝ නායක සිට සංඝරාජ දක්වා ව්‍යුහය දේව පාලනයේ අවශේෂයකි. දේව පාලනයේ දක්නට හැකි දේවයන් කොඨ්ඨාශ පහකින් යුක්තය

1. ගපති - කුඩා කණ්ඩායමක නායකයා. ගමේ එක් කොඨ්ටාශයක නායකයා
2. ගාමණි- ග්‍රාමයේ නායකයා. ග්‍රාමයක් තුල ගපතිය
න් කීප දෙනෙක් සිටිය හැක
3. පරුමක- ප්‍රාදේශිය නායකයා. ග්‍රාමයන් කීහිපයක් එකතු වී සෑදේන ඒකකය
4. රජු - මෙය යුව රජු ලෙස දැක්විය හැක. රටේ විශාල ප්‍රෙද්ශයක නායකයා
5. මහ රජු - රටේ අග රජු. ඔහුද දේවයකු නිසා මහ ර
ජු හමුවේ දේවයන් වහන්ස යනුවෙන් අමතන ලදි.


මෙම ක්‍රමය ශ්‍රි වික්‍රම රාජ සිංහගෙන් අවසන් වූ ලංකාවේ රාජවලිය දක්වාම රජු ඇමතිමට යොදා ගන්නා ලදි. මෙම හෙළ විදි විජයගේ සිට රාජ සිංහ රජු දක්වාම අනුගමනය වූ අතර ඒවා ඉන්දියාවෙන් ලංකාවට ලැබුණ දේවල් හෝ විජය ලංකාවට ගෙන ආ දේවල් නොවේ.
විජය ලංකාවට ඉන්දියානු ක්‍රමයේ මධ්‍ය ගත වැඩවසම් ක්‍රමයක් ගෙන ආවද පඩුවස්දෙව්ගෙන් පසු නැවත පණ්ඩුකාභය නැමති හෙළ රජු ලංකාවේ බලයට පැමිණීමෙන් පසු දේව පාලනය ක්‍රමය ලංකවේ ස්ථාපිත වු අතර විජයගෙන් පසු පියාගෙන් පුතාට රාජ්‍ය උරුම වන ක්‍රමයක් ලංකාවේ බිහි වියග (පණ්ඩු කාභය කුමරු දේව අධ්‍යාපනය ලැබුවෙක් බව තහවුරු කර ගත හැක. පණ්ඩුල නම් භ්‍රාමණයා නැතහොත් පණ්ඩුල දේව ආචාරී විසින් පණ්ඩුකාභය කුමරුට සියළු ශිල්ප ඉගැන්වූ බව කියන මහා වංශයට අනුව පණ්ඩුකාභය කුමරු අභය නැතහොත් බසවක්කුලම වැව තැනීම ආදියෙන් තව තවත් තහවුරු වන්නේ මහින්දාගමනයෙන් පසු ලංකාවේ සංස්කෘතික හා තාක්ෂණික දියුණුවක් ඇති වුණා නොව එය පෙර සිටම පැවත එන්නක් බවයි)

දේව පාලනය තුල රජවරු පුහුණු කිරීමක් කලද එමගින දේව පාලනයේදී පියාගෙන් පුතාට රජකම උරුමයක් ලෙස ලැබීම දක්වා නැත. දේව පාලනය තුප දේව වංශයක් හදුනාගත හැක. මෙම වංශය රකුස්, නාග, යක් යන කුමන කොඨ්ඨාශයෙන් වුවත් දේව අධ්‍යාපනය සම්පුර්ණ කරන ලද්දන්ගෙන් සමන් විත වූ අතර සුදුස්සාට රජකම හිමි විය. පියාගෙන් පුතාට රාජ්‍ය ලැබීම සිදු වූයේ සුදුසුකම් තිබූ තැන පමණි. විජයගෙන් පසුව මෙම ක්‍රමය බිද වැටුණ අතර යසලාලක තිස්ස වැනි අනුවණ රජුන් දක්වා බිහි විම දක්වා බලපාන ලද්දේ විජයගේ ආක්‍රමණයයි.

ප්ලෝටෝ විසින් දක්නා ලද පරමාද්ර්ශි රාජ්‍ය නැතහොත් අත්ලාන්තිස් පුරවරයේ පුජක_පාලක පන්තියක් වූ බව ප්ලෝටෝ සදහන් කරන අතර දේව වංශිකයන්ගේ ඇති උත්තරීතර චරිතාවබෝධය නිසාත් දක්ෂතා නිසාත් දේවයන්ගේ ගුරුවරුන් වූ ඍෂිවරුන්ගේ හා මුණි වරුන්ගේ ඉහළ අධ්‍යාත්මික ගුණ නිසාත් ප්ලෝටෝ විසින් මෙලෙස විස්තර කරන්නට යෙදුනේ යැයි අනුමාන කරන්න පුළුවන්.
 
දේවයන්ගේ පාලනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ තදබල නීති නොමැති වීමයි. සමාජය විනය ඇති කරන ලද්දේ චාරිත්‍ර මගිනි. චාරිත්‍ර පිළිපැදීම නොකඩවා සිදු වූ නිසාම අද නීතිගරුක සමාජයක් යැයි කියන සමාජයක් වැනි තත්වයක් නොකඩවා පැවතුණි. 1998 දී බැබ්ලෝනියාවෙන් හමු වූ මැටි පුවරුවලින් කියැවුනේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් තමන්ට ඉගැන්වූ බවකි. මේ අනුව දැනට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචරායක් විදියට සැලකෙනබැබ්ලෝනියාව දක්වා පවා දේව අධ්‍යාපනය ක්‍රමයේ අතු විහිදුණ ආකරයක් හදුනාගත හැක............ 

පසු ගිය ලිපියෙන් අපි කතා කලේ ලංකාවේ පාල
ක පන්තිය වූ දේවයන් බිහි වුණ විදියනේ. අවසානයේ අපි සදහන් කරා දේවයන්ට පැවරී තිබුණ වගකීම් ගැන. ඔන්න අද ඉතින් අපි ඒ ගැන විමසා බලමු. හෙල ඉතිහාසයේ පසුකාලීනව බිහි වුණ වංශය වු දේව වංශයේ පළමු කාරිය වුනේ

අධ්‍යාපනය

රටක ජනතාව විසින් ඔවුන්ගේම කොටසක් තමන්ගේ පාලකයන් විදියට පත්කරගන්නේ ඇයි? ඒ ඔවුන්ගේ ජීවන පැවත්මට අවශ්‍ය ආරක්ෂාව, දිවිපැවත්ම පවත්වා ගැනීමට උපකාරයක් වීම යනාදියටයි. ඒවගේම තමයි හෙළ යුගයේ ජනතාවගේ පැවැත්මට අවශ්‍ය සියළු දේ කියා දීම දේව පාලකයන්ගේ පරම යුතුකම වුණා. ඒ නිසාම තමයි දේවය
න් විදියට පුහුණුව ලබන කණ්ඩායම ජනතාව විසින් පොෂණය කලේ. මෙයත් හරියට අද කාලයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වගේ. මහජනතාවගේ මුදලින් රටේ උපාධිධාරින් බිහි කරන්නේ රටේ අනාගතය උදෙසා. නමුත් අද මහ ජනාතාව විසින් බිහි කරන්නා වූ කොඨ්ඨාශය රටේ පාලනයට දායක නොවන නිසා සම්පුරණයෙන්ම දේව අධ්‍යාපනයට අද අධ්‍යාපන ක්‍රමය සමාන කරන්න බැහැ. සමාජයට නිතර ගුරුහරුකම් දී සමාජය ස්ථාවරව තබා ගැනීමත් දේවයන් සතු වූ යුතුකමක් වුණා. දේවයන්ගේ පාලනයේ විශේෂ ලක්ෂණයක් වන්නේ තදබල නීති නොමැති වීමයි.

සමාජය විනය ඇති කරන ලද්දේ චාරිත්‍ර මගිනි. චාරිත්‍ර පිළිපැදීම නොකඩවා සිදු වූ නිසාම අද නීතිගරුක සමාජයක් යැයි කියන සමාජයක් වැනි තත්
වයක් නොකඩවා පැවතුණි. 1998 දී බැබ්ලෝනියාවෙන් හමු වූ මැටි පුවරුවලින් කියැවුනේ අහසින් පැමිණි සිංහ මිනිසුන් විසින් තමන්ට ඉගැන්වූ බවකි. මේ අනුව දැනට ලෝකයේ පැරණිතම ශිෂ්ඨාචරායක් විදියට සැලකෙන බැබ්ලෝනියාව දක්වා පවා දේව අධ්‍යාපනය ක්‍රමයේ අතු විහිදුණ ආකරයක් හදුනාගත හැක. ජනතාව විසින් නිතරම තම දේවයාගේ හෙවත්, නායකයාගේ උපදෙස් මත ක්‍රියා කරන ලදි. නායකයාට සියළු දෙනා අවනත විය, ඔහුගේ උපදෙස් හා අවවාද සෑම විටම නිවැරදි බව සැමදෙනාම පාහේ විශ්වාස කල නිසා හා ඒවා නිවරදී වූ නිසාම කිසිකෙනෙක් නායකයාව ප්‍රශ්න කලේ නැත. නායකයන් අමනෝඥ ලෙස ක්‍රියා කලේද නැත. මෙය දේව අධ්‍යාපනයේ සුවිශේෂි වූ වැදගත් කමකි.


විනිශ්චය

වර්තමාන යුගයේ විනිශ්චය කියන්නේ දඩුවම සමගම සම්බන්ධව පවතින්නක් සැම උසාවියකින්ම යම් වැරරද්දක් විනිශ්චයත් සමගම එයට දඩුවමක් ලැබෙන ආකරායක් අද දැක ගත හැකි මුත් හෙළ යුගයේදී විනිශ්චය යනු වචනයක හෝ සිතුවිල්ලක හෝ හරි වැරැද්ද පහදා දී වැරැද්දෙන් පුද්ගලයාව මුදවා ගැනීමයි. මේ නිසාම සාක්ෂි විමසීමක් හෝ වරදකරු නිවරදිකරු තේරීමේ විනිශ්චයක් තිබිලා නැහැ. හැමදෙනාම සත්‍ය ප්‍රකාශ කල බැවින් තමන් කළදේ විමසා එය පිළිගත් පසු පමණක් විනිශ්චය ආරම්භ විය. විනිශ්චයේ අරමුණ වූයේ කර වැරැද්ද සිතට කාවාද්දා මින් මතු
වට ඒ වරද්ද නොකරන තැනට පුද්ගලයාව පත් කීරිමය. නමුත් වරද අවබෝධ කරගත් පසුත් ඒ වරද කරන්නන් එදා සමාජයේද විය. ඔවුනට එම වරදට දුන්නේ මානසික දඩුවමකි. ඔවුන් සමග කතා කිරීම සිනාසීම වැනි දේ නතර කොට පුද්ගලයා වර්ජනය කිරීම මගින් තමා වරදකරුවෙක් යැයි සිතීමට ඔහුටම සලස්වා ලීම මෙම ක්‍රමයේ අරමුණ විය.

බරපතල වැරදි වලදී පුද්ගලයාව සමාජයෙන් පිටමං කිරීම සිදු කරන ලදි. කුවේර රජු කෛලාශයටත්, විරචින කුමරු පාතාලයටත්, සීගීරයේ සිව+ගිර සිව රජු ඉන්දු දේශයටත් පිටමං කිරීම එලෙස දුන් දඩුවම් වලට උදාහරණය. රජු වරු යනු දේවයන්ය, ඔවුන් වැරැදි කරන්නේ දැන දැනමය, ඒ නිසා ඔවුන්ට බරපතලම දඩුවම ලැබිණි. දේවයෙක් නිසාවත් හෝ පාලකයා නිසාවත් හෝ රිසි පරිදි කටයුතු කල නොහැකි වු අතර සමාජයේ චාරිත්‍ර සැමටම 
පොදුව පැවතිනි.ඒ වගේම දේවයන් යනු දක්ෂ පාලකයන් මෙන්ම ප්‍රඥාවන්තයන්ද වූ නිසා ඔවුන් පිටුවහල් කිරීමෙන් ඔවුන් එම පිටුවහල් කල ස්ථානයේ පාලකයා බවට නිතතින්ම පත්වීම සිදු විය.
හෙළ දිවයිනෙන් පිටුවහල් කරන ලද සිව රජු ඉන්දු දේශ
යේ පාලකයා වීමද, වීරචින රජු පාතල දේශයේ නායකයා වීමද හෙළ සංස්කෘතිය ලෝකය පුරාම ව්‍යාප්ත වීමට දේවයන්ගේ විනිශ්චය සමාජයේ පැවත්මට ඉවහල් වු ආකාරයට සාක්ෂිය. 

ආරක්ෂාව හා යුද්ධය


රටේ ජනතාවට ආරක්ෂාව සැ
ලසීම රටේ පාලකයන්ගේ පරම යුතුමකමකි. හෙළ ඉතිහාසය පුරාම ගත් කල රට වැසියාට වඩා තර්ජන එල්ල වී තිබුනේ රටේ පාලකයාටය. හෙල ඉතිහාසය පුරාම විශ්ණුගේ බල පෑම් දක්නට ලැබුණ අතර පළමුව නරසිංහ වේශයෙන් පැමිණ හිරණ්‍ය කාශ්‍යප රජු මරා දමන ලදි, මෙයට ප්‍රතික්‍රියා වශයෙන් දේව අධ්‍යාපනය බිහි වුණ අතර දෙවනුව වාමන වේශයෙන් පැමීණ මහා බලි රජුව පැහැරගෙන යන ලදි. මෙයට ප්‍රතික්‍රියාව ලෙස දේවයානී විසින් තම පුතුන්ට යුධ පුහුණුව දීම සිදු කර යුද්ධයෙන් හෙළ අධිරාජ්‍ය පැතිර වීම ආරම්භ කරන ලදි.

අවසානයේ රාම අවතාරය ලෙස පැමීන රාවණ රජු ඝාතනයෙන් හෙළ ශිෂ්ඨාචරයේ අවසානය හා හෙළ දිවයින සයුරේ ගීලීමද සිදුවිණි. රට වැසියාට ආරක්ෂාව සැපයීමට හෙළ අධිරාජ්‍ය සතුව තාක්ෂණයෙන් අනූන අවිආයුධ තිබුණි. නමුත්එම අවි ආයුධ වලින් කරන්නා වූ යුද්ධය භායානක දෙයක් විය. බෝම්භ හෙලිය හැකි ගුවන් යානා, ලේසර් අවි, න්‍යෂ්ඨික අවි, විශ දුම් සහික බෝම්බ වැනි යුද උපකරන හෙළයන් විසින් තම යුධ කටයුතු සදහා බාවිතා කරන ලදි. නමුත් යුද්ධය අවශ්‍ය වූයේ ආක්‍රමණ වැනි සතුරු උපද්‍රව පැමීණී විට පමණි. මෙයට අමතරව සුලි සුලං, කුණාටු හා අකුණු වැනි ස්වාභාවික උපද්‍රව වලින් බේරීමටද ක්‍රමෝපයෙන් තිබුණ අතර ඒවා ක්‍රියාත්මක කිරීමත් දේවයන්ට පැවරී තිබූ වගකීමක් විය. 

ප්ලෝටෝගේ විස්තර වල සදහන් වන අත්ලාන්තිස් පුරවරය හෙවත් ලංකාපුරයේ පාලන කටයුතු හා ලක්ෂණ සලකා එය ලොව පරමාදර්ශි රාජ්‍ය ලෙස ප්‍රකාශ කිරීමෙන් පවා තහවුරු වන්නේ දේව පාලනය විසින් හෙළ අධිරාජ්‍යට කරන ලද බලපෑමයි. දේව පාලනයේ අවසන් නායක හෙවත් ශක්‍ර සිටයේ කදු මුදුනකය. එය සමනළ කන්ද වන අතර මෙම ශක්‍ර වනාහි පරුමක හෙවත් සුමනය(සමන්). මෙම කදුමුදුනට ගමන් කිරීමට මාර්ගයක් නොමැති වූ අකර කදු මුදුනට ගමන් ගත්තේ ගුවන් යානයකිනි. මෙම ගුවන් යානය පදවන ලද්දේ මාතලේ දේවයා විසින්. මෙම සිදුවීම බෞද්ධ සාහිත්‍යෙය්දී ශක්‍ර ගේ වාහනය පාදවන මාතලී දිව්‍ය පුත්‍රයා ලෙස දක්වා ඇත.

බලන්ගොඩ ප්‍රෙද්ශයේ බොල්තුඹේ දේවාලයේ අදුරු කුටියක් තුල මෙම ගුවන් යානය හෙවත් විමානය ඉංග්‍රිසි පාලන සමය දක්වා තිබූ බව ඒ අවට ගම් වැසියන් පවසති. මෙම යානය ගැන ආරංචි වූ එවකට රත්නපුරයේ සුදු දිසාපති අසු පිටින් පැමිණ බලහත් කාරයෙන් මෙම කුටිය විවෘත කර බැලූ බවත් අනපේක්ෂිත ලෙස ඇදැහැලුන වර්ෂාවකින් අශ්වයාගේ පය ලිස්සා වැටී කකුල කැඩුණ බවත් අලියෙකුගේ පිට රතන්පුරයට ගිය දිසාපති වරයා උණෙන් පෙලී සතියකට පසුව මිය ගියබවත් සදහන් වෙන නිසාම දිසාපති වරයා දුටුව දේ පිළිබදව යමක් දැනගැනීමට හැකි වී නැහැ.

0 comments:

Post a Comment