රාවණා හා කස්සප

|

0

රාවණා කියන්නෙ කව්ද? ඉතිහාසය තුල රාවණා හට ඉතිරි වී ඇති හිඩැස, ඔහුට සත්‍ය වශයෙන් ම හිස් 10 [ඔලු 10ක්] සහිතව සිටියේද? දඬුමොණරය යනු කුමක්ද? මේ හැම දේම හා කස්සප අතර ඇති සම්බන්ධය කුමක්ද?... ඔය ආදී අති විශාල ගැටලු ගණනාවක් ඉතිහාසය තුල අපට විසඳා ගන්නට බැරිව තිබෙනවා.. සමහරවිට රාවණා යනු අතීත මනු ගති පිළිබඳ අපට ඉතිරි වී ඇති එකම මොඩලය වන්නටත් පුළුවන්. 
ඇත්තට ම රාවණා කියන්නේ කව්ද?

මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි. මේ තිදෙනා අතුරින් රාවණා පිළිබඳව පවතින තොරතුරු ඉස්මතුවන්නේ ඉන්දියානු සාහිත්‍යයේ සඳහන් වන රාවණා තුල පවතින තාක්ෂණික හා යුධ බලය නිසාවෙන්මයි. සාහිත්‍යයේ සඳහන් වන පරිදි, රාවණා හට හිස් දහයක් සහ අත් ගණනාවක් පවතිනවා යැය් කීමෙන් පෙනීයන්නේ, ඔහුතුල තිබූ විවිධාකාර දේ කිරීමට තුබූ නිපුණ තාවය වියහැකියි. එනමුදු අවසානයේ දී මේ තරම් දක්ෂතා තිබූ රාවණා රාමා ගේ [ ඔහු පිළිබඳව මම වෙනම තොරතුරු ගෙන එන්නම්] යටතට පත්වනවා... ඉන්දියානු ජනතාව "දීපාවලී" ලෙස සමරන්නේ අර ඉහත කියූ රාවණාව රාම ගේ යටතට ගැනීමයි.
[රාවණා රාම පිලිබඳව පවතින අරුමැසිවාදී සංස්කරණ අතුරින් වාල්මිකී ගේ රාමායනය ග්‍රන්ථය ප්‍රධාන තැනක් ගන්නවා.] 

ආචාරිය ලාල් සිරිනිවාස් හා මිරැන්ඩෝ ඔබේසේකර යන මහත්වරුන් පවසන පරිදිරාවණා පිලිබඳ වූ ඉතිහාස හා භූගෝලීය තොරතුරු එක් රැස් කර බලන කල පශ්චාත් ඓතිහාසික පුරාවිදු සංධිස්ථානයක් වන සීගිරිය යනු.., මීට ශත වර්ශ 50 කට ඉහත දී සාදන ලද රාමායනයේ එන රාවණා ගේ පියරජතුමා වූ කුවේරයා විසූ ආලකමන්දාව ද? යන ගැටළුව මතු කරනවා.

ධූරාවලිය

පොළොන්නරුවේ සිටියා යැයි කියන මහාරිශි පුලස්ති ගේ මුනුපුරා වූ කුවේර ගේ පියා වෙසමුණි යනු මහාරිශි පුලස්ති ගේ වැඩිමහලු දරුවා විය. කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.
කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්‍යයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.

සිවු හෙළය

සමහර ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි., සිංහල ජාතියෙහි උපත සිදුවී ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි., ඒ යක්ඛ, නාග, දේව සහ ගන්ධබ්බ යන සිවු පෙළපතයි. තවද ඉහත කී සිවු පෙළපත පැවත එන්නේ මහාරිෂි පුලස්තිට ස්ගෝත්‍රීයව යි. එනයින් ගත්කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුම් පිදුම් කල එකම රටක එක කොඩියක් යටතේ පාලනය වූ රාජ්‍යයක් බව නොරහසක්. තවද., හිරු සඳු සහිත රාවණ කොඩිය ලංකාවේ පැරණිත ම කොඩිය වනවා. දැනට පවතින සිංහ කොඩි සංකල්පය මෙරටට ආවේ මෙයට ශතවර්ශ 25 කට පෙර පැමිණි විජය කුමරුන් සමඟිනුයි.
රාවණා බලයට පැමිණි වහාම, ඉදිකලා යැයි කියන තම මවුපියන් [වෙසමුණි හා කේෂිණී] සිහිකර තැනූ දෙවොල, අතීතයේ මලවුන් වන්දනාව යක්ඛ ගෝත්‍රය තුල තිබූ බවට සලකුණක් ලෙස හඳුනා ගන්නට පිළිවන්.මේ දෙවොල පන්ඩුකාභය රජ දවස බොදු ආගමික ස්ථානයක් බවට පත් කල බවට සැළකෙනවා. පන්ඩුකාභය රජු යනු, යක්ඛ ගෝත්‍රය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූ රජ කෙනෙක් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙම ස්ථානය අද වන විට “ඉසුරුමුණිය” ලෙස හඳුන්වන බව සඳහන්..

චිත්‍රකූටද? ආලකමන්දාවද? සීගිරියද?
රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු [වෙසමුණි] ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමය එය හැඳින්වූයේ චිත්‍රකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාව ට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන්. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු [ක්‍රි.පූ.437-367] හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක්, ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බැවින්.
තවද, රාවණා වතෙහි කියැවෙන ලෙසට,පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන්. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කෘත කල හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙනවා.චිත්තකූටයේ [පසුව සීගිරියේ] ඇති ලෝපසිඳු බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළයත් එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්‍රය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්‍ර වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන්.
සෝපානය හා පුෂ්පිකය [දඬුමොණරය]
තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙනවා.සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන්.
පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කරත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙනවා. තව ද රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට පුළුවන්.
කුමක් උවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.

0 comments:

Post a Comment