රාවන රජු දවස සිව් හෙළයේ ජාතික කොඩිය ලෙස භාවිත කරන ලද්දේ ඉර හද සලකුණු සහිත කොඩියකි. එහෙත් රාවනයන්ගේ ඇවෑමෙන් පාලනයට පැමිණි විභීෂණ විසින් සිය සොහොයුරාට ගරු කිරීමක් වශයෙන් රාවන රුව සහිත ධජයක් රාවන කොඩිය ලෙස භාවිතා කල බව සදහන් වෙනවා. කෙසේ වෙතත් විජයාවතරණය දක්වාම ලංකාව පාලනය කල යකුන් විසින් මෙම රාවන කොඩිය, ජාතික කොඩිය ලෙස භාවිතා කල බව සදහන්. රුහුණු, මායා, පිහිටි යනුවෙන් රට තුන් සිංහලය ලෙසින් බෙදුණු විට මෙම රාවන කොඩිය ප්‍රාදේශිය කොඩියක් බවට පත් වුණ බවත්, පසුව කොත්මලේ දිසා කොඩිය බවටත්, අනතුරුව කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ හේවාහැට කොඩිය බවටත් පත්ව අද වනවිට දේවාල කෝවිල් වල භාවිතා වන සාමාන්‍ය කොඩියක් බවට පත්ව ඇත.
නුවරඑළිය (එදා කොත්මලේ දිසාව) දිස්ත්‍රික්කයේ කොඩිය - හිසෙහි ඔටුන්න, දෑතේ දුන්නක් හා ඊතලයක්ද, හිස දෙපසින් ඉර හද සලකුණුද වේ. බෝඩරය වටා පලාපෙති මෝස්තරයකි
රාවන කොඩිය එකම මෝස්තරයක කොඩියක් නොවේ. එනම් නුවරඑළිය (එදා කොත්මලේ දිසාව) දිස්ත්‍රික්කයේ කොඩියට වඩා ඌව දිසාවේ භාවිතා වූ රාවන කොඩිය හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගනී. නුවරඑළිය දිසාවේ කොඩිය, ගුරු පැහැති පසුබිමකින් යුත් තීරුවක් වැනි උස් වූ කොඩියක් වන අතර එහි තද කහපාට රේඛා වලින් රාවන රජුගේ රුව සිත්තම් කර ඇත. හිසෙහි ඔටුන්නක්ද, දෑතේ දුන්නක් හා ඊතලයක්ද, හිස දෙපසින් ඉර හද සලකුණුද වේ. බෝඩරය වටා පලාපෙති මෝස්තරයකි. මේ අතර ඌව ප්‍රදේශයේ රාවණ කොඩිය දුනු හී අමෝරාගෙන සතුරන් සමග සටනට සූදානම්ව සිටින රාවන රජුගේ යුධ ශිල්ප දැක්වෙන කොඩියකි. එය දෙවි රුවකට සමානය. රුහුණු ප්‍රදේශයේ රාවන කොඩිය වත්මන් කතරගම දෙවිරුව ලෙස සැලකිය හැක. දඩුමොණර වාහනය මයුර රුවින් පිළිබිඹු කරන්නට ඇත. එදා රාවන දේශය පසු කලෙක පද පෙරළියකින් රෝහණ දේශය වූ අතර රාවන දෙවියෝ රෝහණ දෙවියන් වී ඇත. ඒ අනුව කතරගම දෙවියන් හෝ රෝහණ දෙවියන් ලෙස අප බැතිමතුන් අද දක්වා පුද සත්කාර කරන්නේ රාවන රජුගේ රුව සහිත කොඩියට බවත්, කතරගම ඇසළ උළෙල රාම - රාවන බිහිසුණු යුද්ධය සිහිපත් කිරීමට බැතිමතුන් විසින් එදා සිට පවත්වාගෙන එන ජාතික උළෙලක් බවටත් බොහෝ සාධක ඇත. කතරගම ගිනි පෑගීමේ උත්සවය රාවන නිර්මාණයක් වූ අග්නි තන්ත්‍රයේ එන ශාස්‍ත්‍රීය ක්‍රම වලින් බිදක් ක්‍රියාත්මක කිරීමකි. මීට අමතරව, හේවාහැට ජනතාව රාවන කොඩිය යටතේ නුවර රජ පෙරහැරේ ගමන් කල බව ‘මන්දාරම් පුවතේ’ සදහන් වේ. මේ කරුණු සලකා බලන කල රාවන කොඩිය අප රටේ පැරණිම කොඩිය බව විශ්වාස කල හැක.
0 comments:
Post a Comment