ලංකාද්වීපයෙහි පාලන තන්ත්‍රයේ සිටිමින් රටට කළ සේවාව අධි සම්භාවනාවට පාත්‍ර කරනුවස් දේවත්වාරෝපිත ඓතිහාසික චරිත අතුරින් බුදුදහම ව්‍යාප්ත වීමෙන් අනතුරුව රට කරවූ මහසෙන්, වලගම්බා වැනි රජවරු මුල් තැනක් ගනියි. බුද්ධකාලයට පෙරසිටම විධිමත් පැහැදිලි කාල නිර්ණයක් කර නොගත් යුගයේ සිටි රාජ්‍යතාන්ත්‍රිකයන් කීප දෙනකු ද මෙරට පුරාණෝක්‌ති ඇසුරේ දැකිය හැක.
රාවණා, විභීෂණ හැරුණුකොට වෛශ්‍රවණ යන නාමයද ඒ අතර වේ. විශේෂත්වය නම් බෞද්ධාගමික සංකල්පීය පදනමේ නොවූවද මෙම පුරාතන රජවරු මහසෙන්, වලගම්බා වැනි පසු කාලීනව ගොඩනැඟුණු දේවාත්මයන්ට වඩා තිර භාවයකින් අද දක්‌වාම විවිධ ආගමික සංස්‌කෘතික වටපිටාවන්ගේ ස්‌ථානගත වීමය. පසු කාලීනව බෞද්ධ සාහිත්‍යකරුවන් මෙන්ම ඒ ඒ සංස්‌කෘතීන් ඇසුරෙහි සිටි සාහිත්‍යකරුවන් තම තමන්ගේ ආගමික ලබිධියට මොවුන් ඈ¹ගනිමින් තම පුරාණ ප්‍රබන්ධයන් නිර්මාණය කර තිබෙන ආකාරයක් පෙනී යයි. ඇතැම් රජවරු මෙන්ම දෙවිවරුද බුදුමගෙහි යමින් සෝවාන් ඵල ලැබූ බව ද තවත් අයෙක් හින්දු ආගමෙහි වූ ප්‍රබල ධ්‍යාන ලබා තිබූ බවද මේ අනුව සඳහන් වේ. ඇතැම් දෙවිවරු සෝවාන් ඵල ලබා බුදු දහම වෙනුවෙන් විවිධාකාර සේවාවන්ද ඉටුකර ඇති බව බෞද්ධ සාහිත්‍ය පතපොතෙහි සනිටුහන්ව ඇත. අනෙක් ආගමික සංස්‌කෘතීන් ඇසුරේද එසේමය.
වෛශ්‍රවණ කුවේර හෙවත් විශ්‍රවාන් සෘෂිවරයාගේ පුත්‍රයකු බැවින් විශ්‍රව පුත්‍ර නමින්ද හඳුන්වන වෛශ්‍රවනයෝ දකුණු ආසියාතික ජන සමාජය ශිෂ්ටාචාරගත වීමත් සමගම ක්‍රමයෙන් වර්ධනය වූ බ්‍රහ්ම කුල ඔස්‌සේ සමාජගත වූ ආකාරයක් දක්‌නට තිබේ.
මෙවැනි බොහෝ කරුණු කාරණාවන්හි ඓතිහාසික පදනම සඳහා පාදක වී ඇත්තේ හින්දු දේව සංකල්පය වන බවද මෙරට රාවණා රාජධානියේ කතා පුවතින්ද ෙත්‍රෙවේද ග්‍රන්ථ ගුරුකොට කළ එළි පිවිසි ෂඩ්විධ වේදාංග කෘතිද, කෞටිල්‍ය අර්ථ ශාස්‌ත්‍රය ඇතුළු තවත් බොහෝ ශාස්‌ත්‍ර ග්‍රන්ථද, ධර්ම සූත්‍ර නමින් ව්‍යවහාරයට පැමිණි ග්‍රන්ථයන් ද, මේවා අතර මුඛ්‍යස්‌ථානයක් දිනා ගන්නා මානව ධර්ම ශාස්‌ත්‍රය හෙවත් මනුස්‌මෘති නමැති කෘතියෙන්ද ඒවායේ කර්තෘත්වය සමග ඈ¹ ඇති සෘෂිවර මුණිවර චරිතයන් කේන්ද්‍රීය කොට විකසනය වන භාෂ්‍යය පරපුර පිළිබඳවද සංසන්දනාත්මකව සිතීමේදී වටහා ගැනීමට අපහසු නොවේ.
පුරාණයෙහි ලංකා පුර පාලනය කළ රාවණා රජුගේ වැඩිමහලු සොහොයුරෙකු වන වෛශ්‍රවණයෝ පිළිබඳව විවිධ මතවාදයන් අතර පැරණි බෞද්ධ පාලි ග්‍රන්ථයන්හි, වෛශ්‍රවණ යනු සතරවරම් දෙවියන්ගෙන් කෙනෙකු බවද සඳහන්ය. වසර 90000 ක ආයු කාලයක් සහිත වුවද මරණය නමැති ලෝකධර්මතාවයට යටත් කෙනෙකු බව සඳහන්ය. ලෝකයෙහි උතුරු අර්ධයෙහි ඇති උතුරු කුරු දිවයිනෙහි අධිපති ලෙස පෙනීසිටින බව ප්‍රවාදගතය.
බුත රට්‌ඨෝච ගන්ධබ්බෝ - විරුල්හෝ රක්‌ඛාධිපඃ
විරූපක්‌ඛෝච කුම්භණ්‌ඩෝ - වෛශ්‍රවණෝ යක්‌ඛාධිපඃ
මෙම ශ්ලෝකයෙහි සඳහන් පරිදිම රාවණා රජුගේ සොහොයුරෙකු වූ බැවින්ද බොහෝ දුරට මොහු යක්‍ෂාධිපතියෙකු යෑයි පැරණි ජනයා විශ්වාස කළ බවට නිගමනය කළ හැක.
තවද බුදු දහම වැළඳ සෝවාන් ඵල ලබන්නට පෙර මොහු ඉතාමත් සෞභාග්‍ය සම්පන්න කාමභෝගී ලෞකික දිවියක් ගත කළේ යෑයි ජනශ්‍රැතියෙහි සඳහන් වේ. සියලු කාම සම්පත්තීන්ගෙන්ද යස ඉසුරින් ද ආඪ්‍ය වූ "ආලකමන්දාව" නමැති රාජධානියෙහි අධිපති කුවේර නමින් වාසය කළේද වෛශ්‍රවණයෝයෑයි විශ්වාස කෙරේ.
මෙය ජපානය, ටිබෙටය, තායිලන්තය යන රටවල වැසියන්ගේද විශ්වාසයකි. ජපානයෙහි වාසනාව ළඟාකරදෙන දෙවියන් සත් දෙනගෙන් කෙනකු ලෙස "බිශමන්" හෙවත් වෛශ්‍රවණයෝ නිරූපිතය. තවද යුදයට අධිපති දෙවියකු ලෙසද ජපන් වැසියන් "බිශමන්තන්" සලකනු ලබන්නේ වමත හෙල්ලක්‌ද දකුණතෙහි සෞභාග්‍යය සංකේතවත් වන චූඩාමාණික්‍යයක් සහතව ද දෘෂ්‍යමාන වෙයි.
එලෙසින්ම ටිබෙටයේද වමතින් හෝතම්බුවකු ද දකුණතින් කුඩයක් හෝ සේසතක්‌ද නැතිනම් "ජම්බල" ගෙඩියක්‌ද සහිතව දෘෂ්‍යමාන වන "නම් තො සේ" නමින් හඳුන්වන මොහුගේ අට වැදෑරුම් අවතාරයන් අතුරින් සෞභාග්‍යාරෝපිත පාත්‍රයා හැඳින්වීමට "ජම්බාල" නම භාවිතා වෙයි. ඔහුගේ දකුණතෙහි සෞභාග්‍ය හඟවන පැඟිරි පලතුරක් වන "ජම්බෝල" ගෙඩියක්‌ද සහිතව නිරූපිතය.
මෙවැනි විවිධ සංස්‌කෘතීන් ඇසුරෙහි විවිධ වේශයන්ගෙන් පෙනී සිටින වෛශ්‍රවණයෝ සියලු තන්හි දක්‌වා ඇත්තේ උතුරු දේශයට අධිපතියකු ලෙස වීම විශේෂත්වයකි. ජපානයේදී "සුමෙර" පර්වතයෙහි උතුරු බෑවුමෙහි මොහුගේ රාජ්‍යය පිහිටියේ යෑයි සලකනු ලැබේ. සතර වරම් දේව සංකල්පයෙහි උතුරු දකුණ නැගෙනහිර, බටහිර යන ප්‍රධාන දිශා හතරින් උතුරු දිශාභාරව සිටින්නේ වෛශ්‍රවණයෝ බව පැහැදිලිව පෙනීයයි.
මොහුගේ ආලකමන්දාව පිහිටියේ මිහිමත නම්, එය පිහිටියේ ලංකාවේ වෙස්‌සගිරිය ආශ්‍රිතව දැයි, වෙස්‌සගිරිය ආශ්‍රිතවද වෛශ්‍රවණ රාජධානියක් පිළිබඳ සනිටුහන් වන බැවින් මතභේදයට තුඩුදෙන කරුණකි. කෙසේ වෙතත් ආලකමන්දාව යනු දිව්‍ය විමානයකැයි. පිළිගත් මතයක්‌ද තිබේ. එසේ නම් එය මිහිපිට කොතැනකවත් නොවනු ඇත.
වෛශ්‍රවණයන්ගේ බිරිඳ භූන්දතී ලෙසද, ලතා, සද්දා, පවරා, අචිමති, සුනා නමින් දූවරු 5 දෙනකු සිටි බවද ඉතිහාස ප්‍රවාදයන්හි සඳහන්ය. එරන්දතී නමැති නාග කාන්තාවකගේ සැමියා වන පුන්නක නමැත්තා මොහුගේ මස්‌සිනා බව ඉතිහාසයේ විශේෂයෙන්ම සඳහන් වේ. "නාරි වාහන" නමැති රෝද සහිත මංගල රථයකින් සැරූ බව ඇතැම් තැනක සඳහන් වුවත් කලාකරුවන් විසින් මූර්තිමත් කරන ලද (විශේෂයෙන්ම ටිබෙට් ප්‍රතිමාවන්හිත් සිතුවම් අතරත්) බොහෝ වෛශ්‍රවණ රූහි රථය ලෙස සංකේතවත් කොට ඇත්තේ වේගවත් සිංහ රාජයෙකි.
මෙනයින් ගත්කල පසු කලෙක කලාකරුවා විසින් වෛශ්‍රවණ දෘෂ්‍යරුවක් සේ උපුටා ගැනීමේදී දක්‌වා ඇති ප්‍රවණතාව අනුව ඇතැම් ප්‍රවාදයන් විවාදයට තුඩුදෙන අයුරක් දක්‌නට ඇත.
මේ පිළිබඳ විමසිලිමත් වීමේදී වෛශ්‍රවණයන්ගේ රාජධානියක් ගැන පුරාණෝත්ති ඉංගිනයන් හැරුණුකොට පැහැදිලි සාධක හමුනොවන අතර එක් එක් රටවල මේ පිළිබඳ ආවේණික විවිධ ප්‍රවාදයන් පවතින බවද පසක් වේ. එහෙත් රාවණා රාජධානිය පිහිටියේ ලංකා පුරයෙහි යෑයි සලකනු ලබන බැවින්ද වෛශ්‍රවණ යනු නෑකමින් රාවණාට සෘජු සබඳතාවක් ඇති චරිතයක් ලෙස සලකනු ලබන බැවින්ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඇසුරෙහි ස්‌ථාපිත වූ කතාපුවත් යම් සාධාරණීකරණයකට ලක් වීමට ඉඩකඩ වැඩිය.
එහෙත් මොහුගේ ආයු කාලය මුල් කොට මතුවන ගැටලුව නම් මරණින් මතුත් නැවත සතර වරම් දිව්‍ය රාජයන් අතරම උපදී යෑයි විශ්වාස කරන මොහු ඇත්තටම මියගොස් දැනට සතර වරම් දෙවියන් අතර ඉපදිණි නම් මෙම ඉතිහාසයට වසර 90000 කට එපිට ඉතිහාසයක් ඇති අතර තවමත් එම සෝවාන් ඵල ලැබූ ආත්ම භාවයෙහි සිටියි නම් ඔහුගේ රාජධානිය මේ මිහිපිට යම් තැනක නොවන බවය. එසේත් නොමැතිව ඔහු සාමාන්‍ය ආයු සහිත සාමාන්‍ය බලසම්පන්න පුද්ගලයකු නම් මොහුද මරණින් මතු දේවත්වයක් ආරෝපණය වූ චරිතයක් බවය. එසේ නම් ඔහුගේ ආලකමන්දාව ද පැවතී ඇත්තේ මිහිපිටම බවත් එය කුමන ද්වීපයෙහි කුමන ප්‍රදේශයේ පිහිටියේද යන්නත් ගැටලුවටද මෙහිදී මැදිවේ.
මෙනැයින් රාවණා කතා පුවත සාධනය කර ගන්නට වුවමනා තරම්ම පුරාවිද්‍යාත්මක සාධක මෙම කරුණ සම්බන්ධව ද ඇවැසි වනු ඇත. නො එසේ නම් මෙවන් චරිත සියල්ල පුරාතන සාහිත්‍ය භාෂ්‍ය කරුවන්ගේ අධි විශ්වාසී මනෝ රාජ්‍යයන්හි ගොඩනැඟුණු, ස්‌වප්නරූපී ප්‍රබන්ධයන්හි ජායා මාත්‍ර වන මායා චරිතයන් ගොන්නට එක්‌වනු නොඅනුමානය.
මතු සම්බන්ධයි

0 comments:
Post a Comment