"වීරත්වය"මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත්කරනු ලබයි. ලෝකයේ සෑම රටකටම අයත්ඉතිහාසය තුළ ප්‍රබලත්වයක් හිමිකර දෙන්නේ වීරයන් සඳහාම පමණකි.ඉතිහාසය තුළ ආකර්ෂණීය ඉඩක් වෙන්කරගත් කවර තරාතිරමකම පුද්ගලයකුවුවද ඔහු වීරයෙකි. විශිෂ්ට වූ ලේඛනගත ඉතිහාස මාර්ගයක් ඔස්‌සේදීර්ඝතම ගමනක් යා හැකි ලෝකයේ එකම ජාතිය ශ්‍රී ලාංකිකයන් වූ අපවන්නෙමු. ඒ පිළිබඳව ආඩම්බර වන්නා සේම ඉන් නොනැවතී තම තම නැණපමණින් ඉතිහාස මාර්ගයේ යම්තාක් දුරට ගමන් කිරීමේ වගකීම ද අපසතුය. ලාංකේය ඉතිහාස මාර්ගය ඔස්‌සේ පියමන් කිරීමේදී හමුවනප්‍රබලතම සංධිස්‌ථානයක් ලෙස ක්‍රි.පූ. 161-137 යන කාලපරාසයහැඳින්විය හැකිය. "මහාවංශය" සහ "ථූපවංශය" වැනි ශ්‍රී ලංකාවේඉතිහාසය ලියෑවී ඇති ලෝක පූජිත වංශ කතාවන් තුළ මෙම කාලපරාසයපරිච්ඡේද ගණනාවක් පුරා විකාශනය කර ඇත. ලංකා ඉතිහාසයේ ප්‍රබලතමයුද වීරයා වූ දුටුගැමුණු රජුගේ අවුරුදු 24 ක පරිපූර්ණ රාජ්‍යකාලය මෙය වීම මෙලෙසින් ආකර්ෂණීය ඉතිහාසමය ඉඩකඩක් ක්‍රි.පූ. 161-137 කාලපරාසය සඳහා වෙන්කර තැබීමට මුල් වූ එකම හේතුවයි.
ලංකා ඉතිහාසය තුළ දිවිහිමියෙන් යුද වැදී රට එක්‌සේසත් කළනිර්භීත රජවරුන් බොහෝ ප්‍රමාණයක් වේ. ඒ අතරින් දුටුගැමුණුරජුට සුවිශේෂී ස්‌ථානයක් හිමිවන්නේ
"පාරගගං ගමිසසාමි
ජොතෙතුං සාසනං අහං"
(මහාවංශය, පරි. 24, ගාථා 02)
යන මහංවංශ ප්‍රකාශය හේතුවෙනි. මෙය දුටුගැමුණු රජුගේ යුද සටන්පාඨයයි. "රටේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්‌ථිතිය සඳහා යුද්ධයමෙහෙයවමි." යන්න මෙම පාඨයේ අදහසයි. එබැවින් දුටුගැමුණු රජුගේයුද්ධය, ශාසන උන්නතිය සඳහා සිදුකළ මානුෂීය මෙහෙයුමකි. මේහේතුවෙන් දුටුගැමුණු රජු ලාංකේය ඉතිහාසගත සැබෑම ශ්‍රේෂ්ඨවීරයෙක් වන බවට තර්කයක් නොවේ. ඒ එතුමාණන් යුද වැදී රටඑක්‌සේසත් කළ නිසාම පමණක් නොවේ. යථාවාදී තථාකාරී වූ සැබෑමබෞද්ධයකු ලෙස තම යුද පොරොන්දුව එලෙසින්ම ඉටුකරමින් යුදජයග්‍රහණයෙන් පසු වෙහෙර විහාර රාශියක් ඉදිකරමින් ශාසනිකඋන්නතිය සඳහා කටයුතු කළා සේම මහාපරිමාණ සංවර්ධනයක් කරා ද රටමෙහෙයවමින් ශාසනමාමක ධර්මිෂ්ඨ සමාජයක් ලංකාව තුළ ස්‌ථාපිතකිරීමට කටයුතු කළ බැවිනි. එබැවින් එවැනි වීරයකු උදෙසා මහාවංශයතුළ පරිච්ඡේද 11 ක ඉඩක් වෙන්කර දීමේ වරදක් නැත. එය ඉතිහාසයතුළින් එතුමාට ලැබිය යුතු වරප්‍රසාදයකි. මෙම සුවිශේෂීවරප්‍රසාදයේ මහිමය හේතුවෙන්ම දුටුගැමුණු රජු පිළිබඳව ලියෑවීඇති මහාවංශ වාර්තාව අධ්‍යයනය කිරිමේදී ප්‍රබල ගැටලුවක් මතුවේ.එනම්,
මේ හා සුවිශේෂී යුග මෙහෙවරක් ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේමරණය සිදුවූයේ කෙසේද? යන්නයි.
දුටුගැමුණු රජු විහාර මහාදේවියගේ කුසහොත් සමයේ සිටම "කුමාරසමය, යුද සමය සහ සංවර්ධන සමය" ආදී වූ සෑම කාලපරාසයක් පිළිබඳවමසවිස්‌තර වාර්තාකරණයක යෙදෙන මහාවංශ කතුවරයා ඒ හා සුවිශේෂී යුගමෙහෙවරක් ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේ මරණයට හේතු වූමරණාසන්න සාධකය.
අනිට්‌ඨතො ජත්තකමෙම - සුධාකමෙම ච චෙතියො
මරණන්තික රොගෙන - රාජා අසි ගිලානකො
(මහාවංශය, පරි. 32. ගාථා 01)
ලෙසින් එක් ගාථාවකට ලඝූ කර මාරාන්තික රෝගයකින් රජු ගිලන් වූබවත්, එය රජුගේ මරණයට හේතු වූ බවත් දක්‌වයි. එමෙන්ම එම වාර්තාවතුළ රික්‌තයක් ගොඩනැඟීමට හෝ සැකයක් ඇතිවීම වළක්‌වනු පිණිසඅලංකාර වූ රාජකීය අවමඟුල් උත්සවයකින් පසු දුටුගැමුණු රජු තුසිතදිව්‍යලෝකයට පිටත්කර හැරීමේ වගකීම මහාවංශ රචකයා විසින් "ථෙරපුත්ථාභය මහරහතන් වහන්සේ" වෙත පවරනු ලබයි. එයින් ද නොනවතිනමහාවංශ රචකයා දුටුගැමුණු රජුගේ බාල සොහොයුරා වූ තිස්‌ස කුමරුසද්ධාතිස්‌ස නමින් අභිෂේක කර ඔහුට ලාංකේය රාජකිරීටය ලබාදෙන්නාසේම රට තුළ ඉතිරි වූ සංවර්ධන වැඩ කටයුතු සියල්ලක්‌ම දුටුගැමුණුරජුගේ අවසාන කැමති පත්‍ර ප්‍රකාරව සද්ධාතිස්‌ස රජුටම පවරා දෙනුලැබේ.
මහාවංශය තුළ දුටුගැමුණු රජුගේ මරණ සහතිකය මෙලෙසින් ලියෑවෙන විටඊට නොදෙවෙනි වූ ලි තප්‍රතිපත්තියක්‌අනුගමනයකරනථූපවංශරචකයාද දුටුගැමුණු රජුට වැළඳුණු මාරාන්තික රෝගය පිළිබඳව
".... දා ගැබ සුණු කර්මාන්ත හා හෑම නොනිමෙන තුරුම ඒ ගැමුණු මහරජ මරණාන්තික ව්‍යාධියෙහි ගිලන් වූයේ දිගාමඩුල්ලේ හුන් මළනුවන්තිස්‌ස කුමාරයන් ගෙන්වා..."
(- ථූපවංශය)
යනුවෙන් ථූපවංශය තුළ වාර්තා කර ඇත. නමුත්, රජුට වැළඳුණා වූමාරාන්තික රෝගය කුමක්‌ද? යන්න හෝ ඊට හේතු වූ ප්‍රස්‌තූතයකුමක්‌ද? යන්න පිළිබඳව ථූපවංශ රචකයා ද මුණිවත රකියි. එහෙත්දුටුගැමුණු රජුගේ අවමංගල්‍ය කටයුතු මහාවංශයට නොදෙවෙනි අයුරින්උත්සවශ්‍රීයෙන් සිදුකරන ථූපවංශය ද අවසානයේ ගැමුණු රජු තුසිතදෙව්ලොව යවා තිස්‌ස රජුට රජකම භාරකොට එම රජුට ප්‍රශස්‌ති ගායනාකිරීම ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් දුටුගැමුණු රජු පිළිබඳව කරඇති වංශකතා වාර්තා අධ්‍යයනය කිරීමෙන් රජුගේ මරණය සම්බන්ධවගැටලු රාශියක් පැනනගියි. ඒ අතරින්
රජුට නොසිතූ මොහොතක වැළඳුණ රෝගය කුමක්‌ද?
එය සුවකළ නොහැකි වූයේ මන්ද?
යන ගැටලු ප්‍රධාන වේ. එමෙන්ම ලංකාවේ
"ඉතිහාස වංශ කතා තුළින් ගැමුණු රජුගේ මරණය සම්බන්ධ පුවත සඟවාතැබීමට උත්සාහ කර ඇත්තේ මන්ද?"
යන සුවිශේෂී ප්‍රස්‌තූතය අනෙකුත් සියලු ගැටලු අභිබවා ඉස්‌මතුවෙයි.
ගැමුණු රජුගේ මරණය පිළිබඳව ලි තවංශකතාවාර්තාතුළින්සැකසංකාවන් ඉස්‌මතු වෙද්දී, එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ලංකාඉතිහාසය වාර්තා වී ඇති වෙනත් මූලාශ්‍රයක් ඔස්‌සේ ගමන් කළ යුතුවේ. ලංකාවේ ලංකා ඉතිහාසය පමණක් නොව ලෝක ඉතිහාසයම වාර්තා වීඇති ප්‍රබල මූලාශ්‍රයක් ලෙස බොහෝ දෙනා හඳුනාගනු ලබන්නේජනශ්‍රැතියයි. ලංකාවේ වංශකතා සිය මුණිවත රකිනු ලබන ගැමුණුරජුගේ මරණය පිළිබඳ ප්‍රබල ඉතිහාස සාධකය තුළදී ද හඬ අවදි කරනුලබන්නේ ලංකාවේ ජනශ්‍රැතියයි. මෙහිදී දුටුගැමුණු රජුගේ මරණයසම්බන්ධව වගඋත්තරකරුවන් කරළියට ගෙන එනු ලබන ලංකාවේ ජනශ්‍රැතියවිවිධ ප්‍රදේශ තුළ පවතින "ජනකතා" එකතුවක් මගින් සාක්‍ෂිසැපයීමට ඉදිරිපත් වේ. එම ජනකතා අතුරින් ලංකාවේ විවිධප්‍රදේශයන් තුළින් හමු වූ පහත ජනශ්‍රැති 06 විශේෂිත වේ
01. දුටුගැමුණු රජු ජයසේන නම් නාග රාජයාගේ නැගණිය සමඟසබඳතාවක් ගොඩනඟා ගැනීම හේතුවෙන් රජු සමඟ බද්ධ වෛරයෙන් පසු වූනාගයන් රජු මැරීමේ අදහසින් කිහිපවරක් රජුට දෂ්ට කළ නමුත් "කපුරුනාත" නම් වූ රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා රජු සුවපත් කළබැවින් පළමුව වෛද්‍යවරයාට දෂ්ට කර ඔහු මරා දමා පසුව දුටුගැමුණුරජුට ද දෂ්ට කොට මරා දැමූ බව.
(- කේ. සුනිල් (අවු. 54) බෙලිඅත්ත, ගලගම)
02. රුවන්වැලි සෑය වන්දනා කිරීම සඳහා නාග විමනේ සිට පැමිණි නාගරජුගේ දියණියක වන රූමත් නාග කන්‍යාවක පිළිබඳ සිත් ඇතිකර ගත්රජු ඇය බලහත්කාරයෙන් අල්ලාගෙන රජ මැඳුරට රැගෙන ගොස් තමමෙහෙසියක් ලෙසින් සරණපාවා ගැනීම නිසා දුටුගැමුණු රජු කෙරෙහිවෛර බැඳගත් නාග රජු දුටුගැමුණු රජුගෙන් පළි ගැනීමට සිතාප්‍රථමයෙන් රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා සමඟ මිතුරු වී නාගයන්දෂ්ට කළ විට නියත ලෙස මරණයට පත්කළ හැකි අයුරින් නාගයකු ලවාදෂ්ට කරවන්නේ කෙසේද යන්න පිළිබඳව දැන හදාරා ප්‍රථමයෙන් රාජකීයවිෂ වෛද්‍යවරයාහට විෂඝෝර නාගයෙකු ලවා දෂ්ට කරවා මරා දමා ඔහුමියගිය පසු ගැමුණු රජුට දෂ්ට කිරීමට සැලැස්‌වීම.
(- සුසිලා ගුණරත්න, (අවු. 60,) නීලබැම්ම -)
03. කැලණි ගඟ අසබඩ ජීවත් වූ ජයසේන නම් නාග කුමාරයාගේ රූමත්බිරිඳ දැක ඇය පිළිබඳ සිතක් ඇතිකරගත් දුටුගැමුණු රජතුමා ඇය සමඟප්‍රේම සබඳතාවක් ගොඩනගා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයෙන්පසුව ජයසේන කුමරු සමඟ යුදවැදී ඔහු පරදවා ජය ලැබීමෙන් පසුයුද්ධය වූ ස්‌ථානය අසලින් ගලා ගිය කැලණි ගංගාවට ජයසේන කුමරුතල්ලු කොට දමා ඔහුගේ රූමත් බිරිඳ සරණපාවා ගෙන ඇත. කැලණි ගඟටවැටෙන අවස්‌ථාවේදී තමා විෂ නාගයකුව පැමිණ, රජතුමාට දෂ්ට කර මරාදමන බවට ජයසේන කුමරු කළ ශාපය සපථ කරමින් නාගයකුව පැමිණ සුදුසුවේලාව බලා රජතුමාට දෂ්ට කොට මරා දැමූ බව.
(- රත්නාවලී ඉඩම්ගොඩගේ (අවු. 48) කැලණිය)
04. රුවන්වැලිසෑය වැඳීම සඳහා රජුගේ උයනෙන් රහසේ මල් නෙලීමටපැමිණි නාග කන්‍යාවක දුටු රජතුමා, ඇය බලහත්කාරයෙන් අල්ලාගෙන රජමැඳුරට රැගෙනවිත් රජුගේ මෙහෙසි තනතුරට පත්කරගැනීම නිසා කුපිතවූ එම නාග කන්‍යාවගේ මව, නාග වේශයෙන් පැමිණ පළමුව රජුගේ විෂවෛද්‍යවරයාට දෂ්ට කොට මරා දමා පසුව දුටුගැමුණු රජුට දෂ්ටකිරීම.
(- කොට්‌ටාව සිරිසේන මහතා, (අවු. 70) ගාල්ල)
05. දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී එහිධාතුගර්භය තුළ නිධන් කර තැන්පත් කිරීම සඳහා ධාතූන්වහන්සේලාවඩම්මවා ගැනීමේදී නාග ලොවෙහි වැඩ සිටි ධාතූන් වහන්සේලා දවඩම්මවා තිබේ. "සෝනුත්තර" නම් වූ සෘධිමත් තෙරනමකගේ ආධාර ඇතිවසම්‍යප්‍රයෝගයකින් එම ධාතූන් වහන්සේලා නාගවිමානයේ සිටඅනුරාධපුරයට වැඩමවා රුවන්වැලිසෑයේ නිධන් කිරීම නිසා ධාතූන්වහන්සේලා අහිමි වූ නාග රජු ඇතුළු නාග පිරිස දුටුගැමුණු රජුකෙරෙහි බද්ධ වෛරයෙන් පසු වූ බවත් සුදුසු අවස්‌ථාවක් බලාරජුගෙන් පළිගැනීමේ අදහසින් නාගයකු ලවා පළමුව රජුගේ විෂවෛද්‍යවරයාට දෂ්ට කොට මරා දමා ඔහු මියගිය පසු රජුට දෂ්ට කොටරජු මරා දැමීමට සැලැස්‌වීම.
(- කුසුමාවතී රත්නවීර, (අවු. 80), රඹුක්‌කැටිය)
06. දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය නිර්මාණය කරන සමයේදීචෛත්‍යය මළුව තුළ කඩුපුල් මල් පූජා කර තිබෙන ආකාරයක් දැක එයකවුරුන් විසින් පූජා කරන්නේදැයි සොයා බැලීමට සැඟවී සිටිදුටුගැමුණු රජුට නාග කන්‍යාවන් දෙදෙනෙක් එසේ කරන බව දැකගන්නටලැබිණි. සැඟවී සිටි ස්‌ථානයෙන් පිටතට පැමිණි ගැමුණු රජු එක්‌නාග කන්‍යාවකගේ අත අල්ලා තිබේ. රජුගෙන් ගැලවී පලාගිය එම නාගකන්‍යාව ඒ බව නා රජුට දැන්වීමෙන් පසු කෝප වූ නා රජු නාගසෙන්පතියකු යොදවා පළමුව රජුගේ වෛද්‍යවරයා ඝාතනය කොට පසුව රජුටදෂ්ට කිරීමට සැලැස්‌වීම.
(- සීතා ප්‍රනාන්දු, (අවු. 73), දංකොටුව)
ලංකාවේ දකුණ, වයඹ, බස්‌නාහිර සහ රජරට යන ප්‍රදේශ තුළින් එකතුකරගනු ලැබූ එම ජනතාවන් විවිධ ප්‍රදේශ තුළ විසිරී පැවතීමහේතුවෙන් සහ මුඛපරම්පරාගත ප්‍රේරණය නිසා එකිනෙකට වෙනස් වූකරුණු අඩු වැඩි වශයෙන් ඒ තුළට එකතු වී පැවැතිය ද ඒවායෙහිඅන්තර්ගතය සියුම්ව විශ්ලේෂණය කිරීම මගින් වංශකතා කියවීම තුළින්පැනනැගෙන ගැටලු සඳහා පවතින්නේ එකම පිළිතුරක් බව නිගමනය කළහැකිය. ඒ අනුව, දුටුගැමුණු රජුට වැළඳී තිබූ මාරාන්තික රෝගයකුමක්‌ද? යන පැනයට පිළිතුරු ලෙසින්
"නාග විෂ ශරීරයට ඇතුළත් වී රජු රෝගාතුර වීම"
යන්නත් රෝගය සුවකළ නොහැකි වූයේ මන්ද? යන පැනයට පිළිතුරු ලෙසින්
"රජු රෝගාතුර වීමට පෙර රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා (කපුරුනාථ)ද නාගයකු දෂ්ට කොට මියයැම"
යන්නත් ජනශ්‍රැතිය මගින් හෙළිවේ. එමෙන්ම රජට නාගයකු දෂ්ට කොටමියයැම"
යන්නත් ජනශ්‍රැතිය මගින් හෙළි වේ. එමෙන්ම රජුට නාගයකු දෂ්ට කොටබලාපොරොත්තු විරහිත ලෙස රෝගාතුර වන්නේ රුවන්වැලි සෑයෙහිනිර්මාණ කටයුතු කරන අතරතුරදී, එම වැඩබිම තුළදී බව ද මෙමජනශ්‍රැතීන් තුළින් දැක්‌වේ. එබැවින් දුටුගැමුණු රජුගේ මරණයජනශ්‍රැතියට අනුව සහ වංශ කතාවන්ට අනුව එකම කාල පරාසයකදීමසිදුවී ඇති බව පැහැදිලිය. එබැවිsන් වංශ කතා තුළ වන ඌණ පූර්ණයජනශ්‍රැතියෙන් සපුරාගැනීම සාධාරණ වන බව සනාථ කළ හැකිය. මීටඅමතරව මෙම ජනශ්‍රැතීන් තුළින් ලබාගත හැකි සාධක රාශියකි. ඒවාඅතර
01. දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලය තුළදී නාග නමින් හැඳින්වූකිසියම් කණ්‌ඩායමක් ජීවත් වී ඇති බව සහ රජු ඔවුන් සමඟ සමීපසබඳතාවක් දක්‌වා ඇති බව.
02. රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී දුටුගැමුණු රජු විසින් මෙමනාග නමින් හැඳින්වූ කණ්‌ඩායමේ ප්‍රධානියා ඇතුළු පිරිසගෙන් ආධාරඋපකාර ලබා තිබීම.
03. පසු කාලයේදී රජු සහ නාගයන් අතර ගැටුමක් නිර්මාණය වීම.
04. එය රජු ඝාතනය කිරීමට කුමන්ත්‍රණ දියත් කිරීමට තරම් ප්‍රබලවූ සාධකයක් වීම.
05. කුමන්ත්‍රණ සැලැස්‌මේ ප්‍රබල භූමිකාවක් රජුගේ මෙහෙසිතනතුරේ සිටි රූමත් නාග කන්‍යාවක් විසින් මෙහෙයවීම.
06. දුටුගැමුණු රජුගේ ඝාතන කුමන්ත්‍රණයේ මූලික අදියර ලෙස රජුටප්‍රථම රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා නාගයන් විසින් ඝාතනය කිරීමයන සාධක පෙන්වා දිය හැකිය.
මෙම ජනශ්‍රැතික සාධකයන්ට අනුව දුටුගැමුණු රජුගේ මරණයටවගඋත්තරකරුවන් ඉතිහාසය ඉදිරියට රැගෙන ඒමට ජනශ්‍රැතිය සමත් වීතිබේ. ඒ අනුව ඉහත සෑම ජනශ්‍රැතියකම සඳහන් වන නාග කුමාරිකාව කවරඅයුරකින් හෝ දුටුගැමුණු රජුගේ මරණයට සෘජු ලෙසම වගකිවයුතුප්‍රධාන සැකකාරියක් වන බව ඉතා පැහැදිලිය. ජනශ්‍රැතිවිශ්ලේෂණයේදී ඇතැම් තැනක ඇය කැලණිපුර ජයසේන නම් හා රජුගේ බිසවලෙසත්, තවත් තැනක කැලණිපුර ජයසේන නම් නාග කුමරුගේ නැගණිය ලෙසත්සඳහන් වී තිබීම තුළින් ඇය කැලණිපුරයට සබඳතාවක් තිබූතැනැත්තියක බව හඳුනාගත හැකිය. දුටුගැමුණු රජුගේ මව වනවිහාරමහාදේවිය ද කැලණිපුරයේ විසූ කැලණිතිස්‌ස රජුගේ එකම දියණියවූ රාජකීය කාන්තාවකි. බුදුරජාණන්වහන්සේ ජීවමාන සමයේ සිටමකැලණිපුරය නාග ගෝත්‍රිකයන්ගේ රාජධානියක් ලෙසින් ප්‍රසිද්ධවපැවතුණි. මේ හේතුවෙන් විහාරමහා දේවියගේ පියා වන කැලණිතිස්‌සරජු මනියක් තනාගරජුගේරජපෙළපතින්පැවතෙනරජකෙනෙකුවන්නේදැයි යන්න පිළිබඳව ගවේෂණය කිරීම ඉතිහාසඥයන්ගේ සහපුරාවිද්‍යාඥයන්ගේ යුතුකමක් බව සිහිකැඳවනු කැමැත්තෙමි. එය එසේනම්, දුටුගැමුණු රජු සිය මෙහෙසියක බවට පත්කර ගත් නාග කන්‍යාවරජුගේ මව් පාර්ශ්වයෙන් ඥතිත්වයක් ඇති තැනැත්තියක ලෙස හඳුනාගතහැකිය. එම මෙහෙසියට දරුවන් සිටි බවට හෝ ඇය රජුගේ අගමෙහෙසිය වූබවට හෝ කිසිදු සටහනක් ජනශ්‍රැතිය තුළ සඳහන් නොවේ. ඒ මගින්පැහැදිලි කරගත හැකි එකම කරුණ වන්නේ, එම නාග කන්‍යාව රජු හා සරණපැමිණ ඇත්තේ සිය අකමැත්තෙන් බව සහ ඇය හා විවාහ අපේක්‍ෂාවෙන්නාග කුමාරයකු ඇයට ප්‍රේම කර ඇති බව පමණකි. එබැවින් දුටුගැමුණුරජුගේ මරණය ලාංකේය සිහසුන අපේක්‍ෂාවෙන් සිදුකළ ඝාතනයක් නොවනබව පැහැදිලි වන්නා සේම එය, හුදෙක්‌ම රජු සමඟ වූ බද්ධ වෛරයපිරිමසා ගැනීම සඳහා සිදුකළ කුමන්ත්‍රණකාරී ඝාතනයක් බවපැහැදිලිය.
බුදු සසුනට සහ ශ්‍රී ලාංකේය ජාතියට උදාර සේවයක් කළ දුටුගැමුණුරජුගේ මරණය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව රාජකීය ඉතිහාස පුවත්ප්‍රේරණය වූ වංශකතා මුණිවත රකිනු ලබද්දී, ලාංකේය ජනයා අතර හැදීවැඩී පෝෂණය වූ ජන හදගැස්‌ම බඳු ජනශ්‍රැතිය මගින් රජුගේ මරණයඝාතන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව පුන පුනා පවසයි. සාමාන්‍යගැමි ජනයා, අසහාය වූ දුටුගැමුණු රජුට සිය හදවත් තුළ පවතිනලෙංගතුබවේ නිශ්චලතාවය පරම්පරා ගණනාවක් ඔස්‌සේ විදහාපාමින්ජනශ්‍රැතියෙහි බහා රැකගෙන පැමිණි දුටුගැමුණු රජුකුමන්ත්‍රණකාරීව ඝාතනය කිරීම පිළිබඳව වන රාජකීය රහසට ලාංකේයඉතිහාස වංශ කතාව තුළ පිළිගත් සාධාරණත්වයක් ඉටුවිය යුතුමය.නමුත් වංශකතා ඉතිහාසය සහ ජනශ්‍රැතික ඉතිහාසය අතර නොවිසඳුණු නඩුතීන්දුවක් බඳුව අද දක්‌වාම දෝලනය වන මෙම ප්‍රස්‌තූතය සඳහාලංකා ඉතිහාසය තුළ සැබෑ සාධාරණත්වයක් ඉටුවන තෙක් තැබිය හැකිඅවසන් සටහන වන්නේ "ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ වීරයා වූදුටුගැමුණු රජු ක්‍රි.පූ. 137 දී ලංකා පොළොවට බැතිසිතින් සමුදී තුසිත දෙව් ලොවට වාසය සඳහා නික්‌ම ගිය බවම පමණකි." එහෙත් එමනිමාව කොතරම් දුරට සාධාරණ වන්නේද යන්න ලංකාවේ සියලු ඉතිහාස සහපුරාවිද්‍යාත්මක විද්වතුන් මඳකට සිතා බැලිය යුතු නොවේද?

0 comments:
Post a Comment