රාවණාගේ යානාව -දඩුමොණරය-

|

රාවනා චරිතය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ ,රාවනයන්ගේ "දඩු මොණර" යන්ත්‍රය මගිනි.එය මහා රාවනයන්ගේ අහස් යාත්‍රව හෙවත් ගුවන් යානයයි.මහා රාවනයන් විසින් එය නිපදවනු ලැබුවේ ලෝක ප්‍රකට රයිට් සහෝදරයන් උපත ලබන්නට වසර 6000කට එපිටය. එකල ලක්දිව වාසය කළ "හෙළයන්" ,වර්තමානයේ පවා ළගා විය නොහැකි අධි තාක්ෂණයක් අත්පත් කර ගෙන සිටි බවට මෙයින් සදහන් නොවන්නේ ද? රාවනයන් මෙම අහස් යාත්‍රාව මගින් මහා භාරතයට පවා ගොස් ඇත.ඒ අහසිනි. නමුත් රාවනා සමග යුද්ධයට පැමිණි රාමාගේ හමුදාව මෙරටට පැමිණ ඇත්තේ පා ගමනින් ය. ඒ සදහාද ඔවුනට ඉන්දියාවත් ,oකාවත් යා කෙරෙන ,කිලෝ මීටර 30ක් තරම් දැවැන්ත පාලමක්,දැඩි කැපවීමකින් යුක්තව,විශාල ශ්‍රමයක් වැය කරමින්,දවස් ගණනාවක් වැය කරමින් තනන්නට සිදු විය.මෙයින් සනාථ වන්නේ එකල ඉන්දියාවේ පවා මෙවන් තාක්ෂණයක් නොතිබූ බවයි.


මෙම අහස් යාත්‍රා පිළිබදව, රාවනා රජ දවස ,සමකාලීන ශිෂ්ටාචාරයක්ව තිබූ "බැබිලෝනියන්" ශිෂ්ටාචාරයෙන් වාර්තා වේ.ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට අයත් "එල්ලෙන උයන" මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි.එය "එල්ලෙන මාළිගාව" ලෙසද හදුන්වයි.අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ ,මොවුන් ඒවා මැටි පුවරු(CLAY TABLETS) වල සටහන් කර තැබූහ.එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට "එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිoහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" සදහන් වේ.මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNEL නාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඉහත කරුණු මෙසේ පෙළ ගැස්වූ විට නිගමනය වනුයේ මෙයින් කියවෙන්නේ රාවනයන් සහ ඔහුගේ අහස් යාත්‍රාව පිළිබදව නොවේද....??????සිoහ මිනිසුන් ;- සිoහ නමින් සිoහලයන් සහ හෙළයන්ව හදුන්වයි
සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි
අහසින් පැමිණි;- දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා )
 
ඉහතින් සදහන් කළ බැබිලෝනියන් මැටි පුවරු වල සිoහ මිනිසුන් සහ රාවනා රජුගේ දඩු මොණරයට සමාන අහස් යාත්‍රා වල රූපද ඇත. එමෙන්ම "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" හැරුනු කොට මේ හා සමාන වූ, සමකාලීන ශිෂ්ටාචාරයක් වූ "මිසර" ශිෂ්ටාචාරයේ ද පිරමීඩ වල අහස් යාත්‍රා වල රූප සටහන් වේ. ඒද රයිට් සහෝදරයන් උපත ලැබීමට වසර 6000කට පෙර ය.එමෙන්ම අනිකුත් සටහ ඔස්සේ අප සාකච්ඡා කළ කරුණු මෙසේ පෙළ ගැස්වූ විට,
බැබිලෝනියන්,මිසර,සුමේරියන් ශිෂ්ටාචාර = තාරකා දොරටු = අහස් යාත්‍රා වල රූප





ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්, තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් වෙනත් වෙනත් ග්‍රහ ලෝකවල ,අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.මෙවන් කරුණු පිළිබදව විස්තර අන්තර්ජාලය පුරාවටම ඇති බැවින් ඔබද ඒවා අධ්‍යනය කිරීම වටින්නේ ය.පහත ඇත්තේ අන්තර්ජාලයේ FACEBOOK වෙබ් අඩවියෙ "මහා රාවන්" නම් වෙබ් පිටුවකින් ගත් ඡායාරූප පෙළකි.















0 comments:

Post a Comment