ශ්‍රි රාවණා රජු හා රාවණා වංශය ගැන සොයා යැමක්

|



මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි.

මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ) රාවණ රජුගේ පියා වන අතර මව 
කකේසී නම් ධෛත්‍ය මහේෂිකාවයි.විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි.තවද කෛකේසිය ‘මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ සොහොයුරියයි.


රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්, මහා ප්‍රා
ඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ.රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන ‘රාවණ සංහිතා’ නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි.

එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -අ‍ායුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.

1 comments:

Unknown said...

වැලලී ගිය අපේ ඉතිහාසය නැවත ගොඩ ගැනීමට තවත් පර්යේෂණ වල නියැලෙන්නට ශක්තිය ලැබේවා

Post a Comment